Wednesday, March 13, 2013

හිරු ලෝගෝ එකේ කතාව....

මේ ග්‍රැෆික් ඩිසයිනිං හීනෙ මගේ පටං ගත්තේ අවුරුදු ගානකට කලින් ඉඳලා නිසා ඒ කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ Hiru Designs කියන නමට.... හැබැයි ඉතිං කසාද බැන්දට පස්සේ දෙන්නම එක්ක එකතු වෙලා කරන දෙයක් හින්දා, අපේ මහත්තයා ඒ නමට කැමති වෙයිද කියලා හිතේ පොඩි අවුලකුත් තිබ්බා... 

කොහොම උනත් හිතුවට වැඩිය කාලයක් මේ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ උන නිසා ඇත්තටම මගේ ඩිසයිනිනං ස්කිල්ස් ගැන මටම විශ්වාසයක් නැතුව ඉන්න වෙලාවක, නොහිතපු විදියට මට කම්පියුටරයක් හම්බු උනා... ඒ මගේ පොඩි මස්සිනා තරිඳුගෙන්... ඩිසයිනිං වලට හීන මව මව ඉන්නවා කියලා දැනගෙනද මන්දා, එයා තියෙන හොඳම කම්පියුටරයක් හොයන්න ගිහින්, අරං ඇවිල්ලා තිබ්බේ iMac එකක්.. ඇපල් කම්පියුටරයක් අතපත ගාලාවත් නැති මට මේක නිධානයක් පහල උනා වගේ තමයි... මොකද මෙච්චරකල් පාවිච්චි කරපු හැම කමිපියුටරේකම තිබ්බ, ඩිසයිනර්ස්ලට හැමතිස්සෙම ලෙඩ වැටන, කලර් කැලිබ්රේෂන් ( Color Calibration ) එක්කම තියෙන මේ මැෂින් එක ඩිසයිනිං වලටම කියාපු එකක්... 

කොහොම හරි හා හා පුරා කියලා ඕනේ කරන සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරගෙන මුලින්ම කළේ පුරුදු වෙන්නත් එක්ක Hiru Designs LOGO එක හදපු එක.... 

ඔය පළවෙනියටම තියෙන එක තමයි මම මුලින්ම හදපු ලෝගෝ එක.. ඒක හදන්න මට විනාඩි 10ක් විතර ගියා මම හිතන්නේ... මගේ හිතේ තිබ්බ පාට වලින්, ඒ කිව්වේ Black & Orange ( Two color), පාවිච්චි කරලා මේක හැදුවේ.... 



මුල්ම ඩිසයින් එක... 


අපේ මහත්තයාගේ අදහසක් තිබ්බා හිරු කියන නම නිසා මේක‌ට අපි ඉරක් ( SUN) එකතු කරමු කියලා... ඒක නිසා මම මේ දෙවනි ලෝගෝ එක හැදුවා සාම්ප්‍රදායික, සරල ඉරක් එක්ක... මේක ඇත්තටම සරල ඩිසයින් එකක්... ඒකත් Two color logo එකක්.. 





තව ටිකක් එහෙට මෙහෙට කරකවන අතරේ අපේ මහත්තයත් ඇවිත් පොඩ්ඩක් මගේ ගාවින් වාඩි උනා...   එයාගේ අදහස උනේ මේක Three colors වලින් කරමු කියලා... ඉතිං ඒ අනුව තමයි තුන් වෙනි එක පාට තුනකට ගියේ... අර මම කලින් දාපු ඉරටත් වඩා සරල ඉරක් දාන්න කියලා එයා අදහසක් දුන්නා, ඇත්තටම අපේ වැඩේ පුංචිම අඩියේ ඉඳලා පටං ගන්න යන නිසා... හරිම සරල, නිදහස්, නිර්මාණශීලී කියන අදහස් කීපයම එකතු කරලා මේ ඉර එකතු කරන අතරේ, හීන මවන නිර්මාණ කියන තේමාව යටතේ මේ ලෝගෝ එකට Designs from your dreams කියන එක එකතු කළා...  







ඔන්න ඔහොමයි හිරු ඩිසයින්ස් ලෝගෝ එක අපි දෙන්නා හැදුවේ... අපි දෙන්නම එකතු වෙලා කරන වැඩේට කිසි අවුලක් නැතුව මගේ නම විතරක් දාන්න කිව්ව අපේ මහත්තයගේ ඒ අදහස් වල‌ට ගෞරවයක් විදියට මම තුන්වෙනියට හදපු ලෝගෝ එක පාවිච්චි කරන්න තීරණය කළා... ඒකේ අදහස සම්පූර්ණයෙන්ම වගේ අපේ මහත්තයගේ... මම කළේ සොෆ්ට්වෙයාර් එකෙන් මේක හදන එක විතරයි... 

9 comments:

  1. කරන වැඩ ගැනත් දැම්මනම් හොඳයි නේද?
    නිකන්ම මාකටින් පාරක් වැටෙනවනේ..........

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පෝස්ට් එකක් මඟ එනවා සුදා.... හි හි

      Delete
  2. තුන්වෙනි එක ලස්සනයි.

    ReplyDelete
  3. 'සහායට අපේ මහත්තයා' කියලා යටින් චූටි අකුරෙන් ලිව්ව නම් හරි. පෝස්ට් එකත් එහෙනම් බලලම ඉමුකෝ...

    ReplyDelete
  4. නියමයි බන් . . ලොගෝ එක හරිම සරලයි ඒ වගේම මොටෝ එකෙන් කියන දේ පැහැදිලි කිරීමකුත් කරනවා වගේ..

    නියමයි මගේ උනුසුම් සුභ පැතුම් නගේ . . .

    ReplyDelete
  5. සරල බවත් හොඳ ආකර්ෂණයක් ගන්න දෙයක් තමයි..

    ReplyDelete
  6. මේක නිසා තමයි එහෙනම් මේ දවස්වල හිරුගේ රස්නේ වැඩි.
    මේ වැඩ සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා අක්කේ ...

    ReplyDelete
  7. *සරල බවේ අචල විශ්වාසය*

    ජය වේවා!!!

    ReplyDelete