Saturday, December 8, 2012

මෙන්න දෙවනි පාරට පටන් ගන්න මගේ වැඩේ...




ඔන්න ගෙදරට වෙලා ඉන්න කාලෙට කරන්න හිතාගෙන හිටපු වැඩේට අත ගැහුවා හා හා පුරා කියලා... 

හිරු නැති හෝරාව කියවන ගොඩක් දෙනෙක් දන්නවා මගේ ඩිසයිනින් ඉතිහාසය මොකද්ද කියලා... 

මේක පුංචි වැඩක්.... අවුරුදු දෙකක විරාමයකින් පස්සේ කරන්න පටන් ගන්න නිසා මම කැමති නෑ කාලෙකට කලින් කරපු නිර්මාණ ආයිත් ඉදිරිපත් කරන්න... ඒක නිසා ඉදිරිපත් කරන්න කියලා ලොකු නිර්මාණ ගොඩක් මේ වෙනකොට මං ගාව නෑ.. 

නමුත් මේ පටන් ගැනීමක් විතරයි... 

ප්‍රින්ටින් ග්‍රැෆික් ඩිසයිනින් ( Graphic Designing for Printing - Offset and Screen Printing) කියන ක්ෂේත්‍රයට අදාළව තමයි මම ඩිසයිනින් කරන්නේ... 



ස්ටිකර් එක...


බිස්නස් කාඩ් එක... 

මේක තමයි මුලින්ම අත ගහපු වැඩේ...  4 Color Offset print එකක් .... මේක අපේ අම්මගේ කේක් බොක්ස් එකට සහ බිස්නස් කාඩ් එකට අලුතින් ඩිසයින් කළේ... 

ඔන්න ඔහොමයි හිරුගේ ග්‍රැෆික් ඩිසයිනින් ගමනේ දෙවනි සම්ප්‍රාප්තිය සිද්ධ උනේ..

වැඩි විස්තර ඉදිරියට කතා කරමුකෝ.... 

43 comments:

  1. ජය වේවා.. හිරුවෝ...

    ReplyDelete
    Replies
    1. තැන්ක් යු තැන්ක් යූ.....

      Delete
  2. ඔන්න ආච්චිලාටත් ආයේ කියන්න වෙනවා. අයිං කරපිය යකෝ වර්ඩ් වැරිපිකේසන් මගුල

    ReplyDelete
    Replies
    1. අමතක උනා බං ඒක.. හි හි....

      Delete
  3. magenuth subapethum jayen jaya wenta kiyala.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශ්.. හි හි

      Delete
  4. නියමයි මගේ ‍බ්ලොග් එකට් එක නොමිලේ ලෝගෝ එකක් ඩිසයින්ග් කරගන්න පුළුවන් :D
    අලුත් වැඩෙට සුබපැතුම් හිරු අක්කේ

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකා පටන් ගත්ත ගමන් නොමිලේ කතාවක් කියනවා.. ඇයි බං මගේ බඩට ගහන්න හදන්නේ... හි හි..

      තැන්කියු ඈ මේ පැත්‌ෙත් ආවට..

      Delete
  5. එලය. ජයම වේවාය.

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා.. හි හි

      Delete
  6. අලුත් වැඩේට අපිත් ඔන්න හදවතින්ම සුභ පතනවා!! ජයෙන් ජය වේවා!!! :))

    ReplyDelete
  7. අර අම්මගෙ නමයි, ගෙදර හදපු කේක් කියන කෑල්ලයි italic නොවන පැහැදිලි ෆොන්ට් එකකින් තිබුනනම් හොඳයි නේද? මිනිස්සුන්ට ලේසියන් කියවන්න පුලුවන් වෙන්න ඕනෙ ඒ කෑල්ලනෙ. එතකොට තම බිස්නස් වැඩි වෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. නෑ රීඩර්.... ඒක තමයි ලෝගෝ එක.... සැරින් සැරේට අනිත් ඒවා වෙනස් කළත් ඔය අකුරු ටික ඔය විදියටම තියනවා... අනිත් එක පර්පල් කලර් එක... ඒකත් ලෝගෝ එකේ කොටසක්...

      Delete
    2. තෑන්ක්ස් ආ.. අදහසකුත් එක්කම මේ පැත්තේ ආවට... හි හි

      Delete
    3. කේන්ති ගන්න එපා මෙහෙම කියනවට. logo එක වඩා සාර්ථක වෙන්නෙ, මිනිස්සුන්ගෙ මනසෙ ඇඳිලා හිටින, කොහෙ දැක්කත් කැපිල පෙන්නෙන සහ පහසුවෙන් අඳුරගන්න පුලුවන් උනොත් නේද? උදාහරනෙකට ජනප්‍රිය වෙළඳ නාමවල logos මතක් කරල බලන්න. (උදා:mcdonalds, pepsi, munchee, kandos etc ). මේකත් පොඩ්ඩක් බලන්නකො ඔය ඉන්න ගමන්. අම්මගෙ සහ දුවගෙ ව්‍යාපාර දෙකටම සුභ පැතුම් !!!

      Delete
    4. ඒකනේ රීඩර්.. අපේ අම්මට කිව්වට ඇහුවේ නෑ ඔය නම දිග වැඩියි කියලා.... එයාට ඒකම දාන්න ඕනේ උනා... පස්සේ මම කලේ වෙනම ලෝගෝ එකක් කරන්නේ නැතුව අම්මගේ නම හයිලයිට් වෙන විදියට දැම්මා ඔය කලර් එකත් එක්ක... කලර් එක කොහොමත් හයිලයිට් වෙනවා... ලෝගෝ එකකුත් දාන්න ගියානම් කාඩ් එක විකාරයක් වෙනවා...

      දැං ඕකේ නම ඔහොම තිබ්බට යන්නේ රංජනී කේක් කියලා ... හි හි.... කොහොමත් මේක ඒ පැත්තට සහ ලංකාවට හරි යන්න කරපු දෙයක්... මෙහේ ඔය වගේ බිස්නස් වල සාර්ථක කම තියෙන්නේ නමේනේ... ඔය පේන්නේ නැද්ද සැලුන්ස් වල එහෙම..

      Delete
    5. මාත අදමයි මේ පැත්තට ආවේ උඹේ වැඩ බලන්න,

      මටත් හිරුවෝ හිතුනේ අර වැල් අකුරුනම් හරි අමාරුයි කියවන්න. මම මාර ගේමක් දුන්න අම්මගේ නම කියවන්න

      Delete
    6. හි හි.. එහෙනං ලබන පාර අම්මට මේ ටික පෙන්නලම මොකක් හරි කරන්න බලන්නම්කෝ..... තැන්ක් යූ ඈ...

      Delete
  8. ව්‍යාපාරය සාර්ථක වේවායි පතමි. අම්මගේ බිස්නස් කාඩ් එක හ්ම්ම්ම් මට නම් පුද්ගලිකව පින්ක් තමයි වැඩිය අල්ලන්නේ නැත්තේ . පැරිස් හිල්ටන් මතක් වෙනවා. කමක් නෑ කේක් නේ

    ReplyDelete
    Replies
    1. හි හි... උදිත.. ඒක පින්ක් නෙවෙයි.. පින්කිෂ් පර්පල් එකක්..( ෆියුෂියා කියන කලර් එක...) මම පොඩ්ඩක් පින්ක් එක්ක ෂේඩ් වෙන්න දැම්මා මේ පාර... අනිත් එක කාඩ් එක විතරක් නෙවෙයි.. ෂෝප් එකයි, ෂොප් එකේ වාහනෙයිත් ඔය කලර් එකෙන් තමයි පේන්ට් කරලා තියෙන්නේ.. ආයිත් නෑ ඇහැට අන්නා වගේ ඕනේ තැනක කැපිලා පේනවා.... හි හි

      Delete
    2. අමතක උනා නේ... හි හි.. තෑන්ක්ස් උදිත මේ පැත්තේ ආවට...

      Delete
    3. හිරුට අමතක වෙලා දෙයක් අමතක වෙලා වගේ.කොල්ලන්ට ඔය හැම මගුලකටම තියෙන්නේ පාට 6යි.එකත් පොඩි කාලේ ඉස්කෝලේ ගෙනිච්ච හොම්රන් පැස්ටල් පාට 6 පෙට්ටිය හින්දයි. :)

      Delete
    4. හි හි.. ඒ මොකෝ.. එච්චරට පාට ගැන සැලකිල්ලක් නැද්ද කොල්ලෝ...

      Delete
    5. උදිත කිවුවා වගේ.. කමක් නෑ කෙක්නේ....මොන පාට උනත් මොකෝ අන්තිමේදී ගිලින එකනේ තියෙන්නේ.
      අනික ඔය අමුතු අමුතු නම් මතක තියාගන්නේ කොහොමද?(පින්කිෂ් පර්පල් එකක්..( ෆියුෂියා කියන කලර් එක...))
      එකේ නම කියවන්න ගියාම දිව ඇබරෙනවා අප්පා.

      Delete
    6. හි හි.. ඒකනේ ඒ පාටම දාලා තියෙන්නේ.... කිව්වත් වගේ.. ගිලලා දාන ඒවා ඔය පාට නෑ හොඳේ... හි හි

      Delete
  9. එලම තමයි.. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් චන්දන... හි හි

      Delete
  10. අලුත් වැඩේට සුබපැතුම්! කරන දේ සාර්ථක වේවා! ජයවේවා! වැඩි වැඩියෙන් වැඩ ලැබේවා!

    ඔය ඔක්කොම ප්‍රාර්ථනා එකක් වගේ නේ? ;)

    ReplyDelete
    Replies
    1. හි හි.. තැන්ක් යූ ඉෂාන්...

      Delete
  11. සුබ පැතුම් මගෙනුත් හිරූ... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මංචි.. හි හි

      Delete
  12. මමත් ඩිසයිනර් කෙනෙක් විදියට හිරුට සුභ පතන ගමන් පුංචි උපදෙසක් දෙන්නම්...තරහා වෙන එකක් නෑ කියලා හිතනවා...

    මම ඉගෙනගත්තෙ Photoshop 7 / Illustrator 10 වුනත් අද මම භාවිතා කරන්නෙ CS 6 සංස්කරණය... මේ කාල පරාසය අතර මෘදුකාංගයට ඇතුලත් වූ දේවල් අන්තර්ජාලයෙන් කියවලාම තමයි ඉගෙන ගත්තෙ... හොද ඩිසයිනර් කෙනෙක් වෙන්න නම් නිතරම අලුත් දේ ගැන යාවත්කාලීන වෙන්න ඕනෙ... හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. එය හැකියාවන් තව දුරටත් වර්ධනය කරගන්න ඉවහල් වේවි...

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවෙ ලෝගෝව මගේ නිර්මාණයක්...

      Delete
    2. සිරාගේ කමෙන්ට් එක දැක්කේ පහුවෙලා.. සමාවෙන්න..

      ඇත්ත තමයි සිරා.. මාත් පුළුවන් තරම් අලුත් වර්ශන් වලට මාරු වෙනවා .. දැනට මම පාවිච්චි කරන්නේ Photoshop CS 4 ( මේ ෆ්ලැට්ෆොර්ම් එක CS 6 වලට සපොට් කරන්නේ නෑ.. ඒත් මේකත් හොඳටම ඇති ඉතිං) Illustrator CS 6 නම් පුලුවන්.. මම වැඩිපුර ආස CoralDraw වලට.. ඒත් ඒකේ මැක් වර්ශන් එකක් නෑ..

      ගෙට්ටුවෙ ලෝගෝව නම් නියමයි කියලා ගොඩක් අය කිව්වා...

      Delete
  13. සුභ පැතුම් නගේ . .

    අපි දන්න කියන අයගේ මොනව හරි වැඩ සෙට් උනොත් අනිවා උඹට එවන්නම් . . .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දුකා අයියා... හි හි

      Delete
  14. ආ.... අක්ක මේවා කරනවා කියල දන්නේ දැනුයි.මමනම් කෙල්ල එක්ක පැනලා යන්න ඉන්නේ.ආතල් එකට වගේ අක්කගේ අම්මට කියලා කේක් එකක් හදවගෙන අක්කට කියල කෙල්ලව පේන්ට් කරගන්න එන්නම්කෝ.. හිහ් හිහ් හිහ් හිහ් හිහ්.My best wishessssssssss.............

    ReplyDelete
  15. අඩො මේක දැක්කේ දැන්නේ!

    මගෙ වෙඩිමේ කේක් එක එතකොට නිකන්... (ඒකත් හරි)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. උඹලා ඕෆ්සෙට් ප්‍රින්ටින්ග් වැඩනේ නගේ කරන්නේ. මට කියන්න එහෙනම් පිටු 60ක විතර ඒ4 එකෙන් බාගේ (ඒකට කියනෙන බී5) කියල නේද? බ්‍රොචෙර් එකක් 120 වගේ කොලේකින් කරන්න කීයක් විතර යයිද කියලා.

    වැඩි විස්තර කතා කර ගන්න මට ඊමේල් එකක් එවපන් තරහ නැතුව.

    ReplyDelete
  17. 99designs.com/
    එකට ගිහිල්ල රෙජිස්ටෙර් වෙන්න. වැඩ ගොඩක් හොයා ගන්න පුළුවන් වෙයි.

    ReplyDelete