Saturday, December 8, 2012

මෙන්න දෙවනි පාරට පටන් ගන්න මගේ වැඩේ...




ඔන්න ගෙදරට වෙලා ඉන්න කාලෙට කරන්න හිතාගෙන හිටපු වැඩේට අත ගැහුවා හා හා පුරා කියලා... 

හිරු නැති හෝරාව කියවන ගොඩක් දෙනෙක් දන්නවා මගේ ඩිසයිනින් ඉතිහාසය මොකද්ද කියලා... 

මේක පුංචි වැඩක්.... අවුරුදු දෙකක විරාමයකින් පස්සේ කරන්න පටන් ගන්න නිසා මම කැමති නෑ කාලෙකට කලින් කරපු නිර්මාණ ආයිත් ඉදිරිපත් කරන්න... ඒක නිසා ඉදිරිපත් කරන්න කියලා ලොකු නිර්මාණ ගොඩක් මේ වෙනකොට මං ගාව නෑ.. 

නමුත් මේ පටන් ගැනීමක් විතරයි... 

ප්‍රින්ටින් ග්‍රැෆික් ඩිසයිනින් ( Graphic Designing for Printing - Offset and Screen Printing) කියන ක්ෂේත්‍රයට අදාළව තමයි මම ඩිසයිනින් කරන්නේ... 



ස්ටිකර් එක...


බිස්නස් කාඩ් එක... 

මේක තමයි මුලින්ම අත ගහපු වැඩේ...  4 Color Offset print එකක් .... මේක අපේ අම්මගේ කේක් බොක්ස් එකට සහ බිස්නස් කාඩ් එකට අලුතින් ඩිසයින් කළේ... 

ඔන්න ඔහොමයි හිරුගේ ග්‍රැෆික් ඩිසයිනින් ගමනේ දෙවනි සම්ප්‍රාප්තිය සිද්ධ උනේ..

වැඩි විස්තර ඉදිරියට කතා කරමුකෝ....